ඔප්ටස් වංචාවට හසුවූ විදේශිකයන්ට විශේෂ දැනුම්දීමක්

දත්ත වංචාව හමුවේ පුද්ගලික තොරතුරු සොරා ගැනීමට ලක්වු විදේශීය ගුවන් ගමන් බලපත් හිමියන්ට ඒවා නැවත ලබාගැනීමට යන වියදම පියවීමට ඔප්ටස් සමාගම තීරණය කර තිබෙනවා.

අදාළ සයිබර් ප්‍රහාරයේදී බලපෑමට ලක්වූ ඔස්ටේ්‍රලියානු ගමන් බලපත් හිමියන්ට ඒ සඳහා වැයවන ඩොලර් 300 ක මුදල ලබාදීමට ඔවුන් මීට පෙර එකගවී තිබුණා.

කෙසේවෙතත් විශේෂයෙන් ඔස්ටේ්‍රලියාවේ දැනට ස්ථිර පදිංචිය ගබා සිටින එහෙත් වෙනත් රටක පුරවැසිභාවය හිමි පුද්ගලයන් කණස්සල්ල පළකර තිබුණේ තමන්ට කිසිදු සාධාරණයක් ඔප්ටස් සමාගමෙන් හිමි නොවන බවටයි.

ඒ අනුව ඔවුන්ටද අලුතින් ගමන් බලපත්‍රයක් ගැනීමට යන වියදම පියවීමට ඔප්ටස් සමාගම තීරණය කර තිබෙනවා.

ඔප්ටස් සයිබර් ප්‍රහාරයේදී දත්ත පැහැර ගැනීමට ලක්වූ ගමන් බලපත් සංඛ්‍යාව 100,000 කට අධික බවයි පැවසෙන්නේ.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »