සුප්‍රකට පාරිභෝගික උපදේශන ආයතනයක් වන චොයිස් විසින් ක්වන්ටාස් ගුවන් සේවයට බලාපොරොත්තු කඩ කිරීමට අදාළව සම්මානයක් පිරිනමා තිබෙනවා.
ගුවන් ගමන් ප්‍රමාදය – ගමන් මලු අස්ථානගතවීම – ගුවන් තොටුපළ මගී පෝලිම් සහ ගුවන් මගීන් මුහුණදෙන දුෂ්කරතා සැළකිල්ලට ගෙනයි මෙම නම් කිරීම සිදුකර ඇත්තේ.
අතීතයේ ක්වන්ටාස් යනු ඔස්ටේ්‍රලියානුවන් ආඩම්බරයෙන් කථා කල ජාතික සංකේතයක් වුවද අද වනවිට එය අඩු පිරිවැය ගුවන් සේවයක් (budget air line) මට්ටමට ඇද වැටී ඇති බවයි චොයිස් ආයතනය පෙන්වා දෙන්නේ.
පසුගිය ජූලි මාසයේදී සියයට 47.1 ක් ලෙස පැවති ක්වන්ටාස් ගුවන් ගමන් නියමිත වේලාවට ගමන් ආරම්භ කිරීමේ ප්‍රතිශතය සැප්තැම්බර් මාසයේදී සියයට 69.2 ක් දක්වා ඉහළ ගොස් ඇතත් එයද සතුටුදායක තත්වයක් නොවන බවයි පැවසෙන්නේ.
ගුවන් ප්‍රමාදවීම් සම්බන්ධයෙන් ක්වන්ටාස් ගුවන් සේවය විසින් මගීන් වෙත අවස්ථා කිහිපයකදී නිකුත් කල සමාව අයැදීමේ ලිපිද මෙහිදී සැලකිල්ලට ගෙන තිබෙනවා.
කෙසේවෙතත් මෙම නම් කිරීම පිළිබඳ අප්‍රසාදය පළකරමින් ක්වන්ටාස් ගුවන් සේවය අවධාරණය කරන්නේ තමන් සෑම විටම ගුවන් මගීන්ට සිදුවන අපහසුතා අවම කර ගැනීමට කටයුතු කරන බවයි.