Search

ඔස්ටේ්‍රලියානුවන් රැකියාවට ඒමට කැමතිම ක්‍රමය හෙළිවෙයි

ඔස්ටේ්‍රලියානුවන්ගෙන් අඩකට වැඩි පිරිසක් රැකියා සඳහා පැමිණෙනුයේ පුද්ගලික වාහනවලින් බව හෙළිවී තිබෙනවා.

සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කර ඇති පසුගිය වසරට අදාළ වාර්තාවක දැක්වෙන්නේ ඔස්ටේ්‍රලියානු සේවකයන් අතුරින් සියයට 53.1 ක් හෙවත් 64 ලක්ෂයකට ආසන්න පිරිසක් රැකියාවට පැමිණෙනුයේ ඔවුන්ටම අයත් මෝටර් රථවලින් බවයි.

මෙය 1981 වසර හා සැසඳීමේදී දෙගුණයක පමණ ඉහළ යාමක් වුවද 2016 වසර හා සැසඳීමේදී තරමක පහළයාමක් වනවා.

ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ කොවිඩ් රෙගුලාසි බව සඳහන්.

2016 දී 66 ලක්ෂ 25 දහසකට ආසන්න පිරිසක් පුද්ගලික මෝටර් රථ මගින් රැකියා වෙත පැමිණ තිබුණා.

කෙසේවෙතත් ප්‍රාන්ත වශයෙන් සැලකීමේදී මෙම තත්වයෙහි විශාල වෙනස්කමක් පෙන්නුම් කෙරෙනවා.

Northern Territory හි සියයට 73.7 ක් පුද්ගලික වාහන මගින් රැකියා ස්ථාන වෙත පැමිණියද සිඩ්නි CBD හි එම ප්‍රතිශතය සියයට 13 ක් වැනි පහළ අගයක් ගනු ලබනවා.

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »

මෙල්බන් ජනප්‍රිය “Toy Shop” එකක අනතුර සොරකමක් වෙයි

මෙල්බන් හි ජනප්‍රියතම සෙල්ලම්ඉඩු අළෙවි සැලක් කොල්ල කා පලා ගිය සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

දූෂිත ගුවන්‍ යානා ගණුදෙනුවක් හේතුවෙන් උදයංගට සහ කපිලට ඇමරිකාවෙන් සම්බාධක

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට ඇමරිකාව විසින් චෝදනා දෙකක් එල්ල කරමින් සම්බාධක පනවා තිබෙනවා.

Read More »

දකුණු ආසියාතික රටකට හිමිවන විශේෂ Visa කාණ්ඩයක් අද සිට Open

Mobility Arrangement for Talented Early-professionals Scheme (MATES) නමින් හැඳින්වෙන නව නියමු වැඩසටහනක් මඟින් ඉන්දියාවේ තරුණ වෘත්තිකයන්ට සහ උපාධිධාරීන්ට ඔස්ට්‍රේලියාවේ සේවය කිරීමේ පහසුම ඉහළ නංවා තිබෙනවා.

Read More »