
ඔස්ටේ්‍රලියානු ළමුන්ගෙන් 2/3 කට වැඩි පිරිසකට කොවිඩ් වෛරස ආසාධනය වී තිබෙන්නට ඇතැයි නවතම ජාතික අධ්‍යයනයකදී හෙළිකරගෙන තිබෙනවා.
වයස අවුරුදු 19 ට අඩු ජනගහණයෙන් මෑතකාලීනව ලබාගත් රුධිර සාම්පලවලින් සියයට 64 කම කොවිඩ් වෛරසයට එරෙහි ප්‍රතිදේහ තිබී ඇතැයි තහවුරු වී තිබීම ඊට හේතුවයි.
කොවිඩ් එන්නත්කරණය සිදු නොකල වයස අවුරුදු 01 ත් 04 ත් අතර පිරිසෙන් සෑම 10 දෙනෙකුගෙන් 08 දෙනෙකුම මෙලෙස කොවිඩ් ආසාදිතයන් වී සිටින්නට ඇති බවටද විශ්වාස කෙරෙනවා.

මෙම වසරේ ජූනි සිට අගෝස්තු දක්වා ලබාගත් රුධිර සාම්පල 2046 ක් ආශ්‍රිතව මෙම විශ්ලේෂණය සිදුකර තිබෙනවා.
වැඩිම කොවිඩ් ආසාධිත ප්‍රතිශතයක් සටහන්වී ඇත්තේ වයස අවුරුදු 18-29 අතර වයස් කාණ්ඩයේ වන අතර එම ප්‍රතිශතය සියයට 80 ක්.
