විදේශිකයන් සමග විවාහයට ලාංකිකයන්ට පැවති බාධා ඉවතට

විදේශිකයන් සමග විවාහ වීමේදී ශ්‍රී ලාංකිකයන්ට පැවති බාධා ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට ඊට අදාළ උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

මේ අනුව එලෙස බාධා ඇති වීමට තුඩු දුන් චක්‍රලේඛය වහාම අහෝසි කරන ලෙසටද අග්‍රාමාත්‍යවරයා දන්වා තිබෙනවා.

විදේශිකයෙකු සමග විවාහවීමට පෙර අදාළ තැනැත්තා හෝ තැනැත්තියගේ නිෂ්කාෂණ වාර්තාවක් ලබාගැනීම මේ දක්වා අනිවාර්ය කර තිබුණා.

මෙම විවිධ සීමා පැනවී තිබුණේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කෙරුණු 2021 අංක 18 දරණ චක්‍රලේඛයෙනුයි.

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »