වැටුප් සඳහා උපරිම අගයක් පැණවීම හේතුවෙන් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ හෙදියන් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට 2023-24 වසරට අදාළව ලැබිය යුතු ඩොලර් 120,000 කට ආසන්න වැටුපක් හිමි නොවන බව අනාවරණ වී තිබෙනවා.
වසරේ ගතවූ කාලය සඳහා ඔවුන්ට ලැබෙන්නට තිබූ ඩොලර් 80,000 කට ආසන්න වැටුපක් මේ අනුව නොලැබී ගොස් ඇති බවයි හෙළිකරගෙන ඇත්තේ.
නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ වැටුප් සම්බන්ධයෙන් සෙවීමට 2012 වසරේදී පත්කල කමිටුවක් විසින් ලබාදී ඇති වාර්තාවේයි මේ බව සඳහන් වන්නේ.
දැඩි පීඩනයක් මධ්‍යයේ සේවය කරන හෙදියන් මෙමගින් තවත් අධෛර්යයට පත්ව සේවය හැරදා යාමේ වැඩි ප්‍රවණතාවයක් පවතිනු ඇති බවටයි නිවු සවුත් වේල්ස් හෙදියන්ගේ සංගමය අනතුරු අගවා සිටින්නේ.
සිය වැටුප් ඉහළ දමන්නැයි ඉල්ලමින් නිවු සවුත් වේල්ස් හෙදියන් පසුගිය කාලයේ විවිධ වර්ජන ක්‍රියාමාර්ගවලද නිරත වුණා.