බ්‍රිස්බන් බිස්නස්වලින් 75% ක් කරන වැරැද්දක් හෙළිවෙයි

බ්‍රිස්බන් නගරයේ ව්‍යාපාරික ස්ථානවලින් සියයට 75 ක් පමණ සේවකයන්ට අවම වැටුප නොගෙවන බවට හෙළි කරගෙන තිබෙනවා.

Fair Work Ombudsman විසින් බ්‍රිස්බන් දකුණු ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන 77 ක මෑතකදී සිදුකල විමර්ශනයකදී හෙළිකරගෙන ඇත්තේ ඔවුන් ඩොලර් ලක්ෂ 04 ක පමණ මුදලක් සේවකයන්ට ගෙවා නොමැති බවයි.

එක් ස්ථානයක් විසින් සේවකයන් 68 දෙනෙකු සඳහා ගෙවීම පැහැර හැර ඇති මුදල ඩොලර් 80,258 ක්.

විශේෂයෙන් අවන්හල් සහ කැෆේ විසින් තරුණ තරුණියන් සේවයට යොදාගැනීමත් ඔවුන්ට නියමිත වැටුප් නොගෙවීමත් බහුලව දක්නට ලැබෙන බවයි Fair Work Ombudsman පෙන්වා දෙන්නේ.

කම්කරු නීති කඩකල බ්‍රිස්බන් හි සුෂි අවන්හලකට මෙම වසර මුළදී ඩොලර් 355,000 ක වාර්තාගත දඩයක්ද පණවනු ලැබුවා.

නිවාස සොයන අයට සහනයක් ගෙන එමින් බැංකු සහ මූල්‍ය ආයතනවලට නව නීති මාලාවක්

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිසංස්කරණ හේතුවෙන් පොලී අනුපාත වෙනස්වීම් ඇතුලු කරුණු කිහිපයක් පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට බැංකු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »