Northern Territory රජයේ පාසල් තුළ ජංගම දුරකථන තහනම්

Northern Territory හි රජයේ පාසල් පන්ති කාමර තුළදී ජංගම දුරකථන භාවිතය තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ලබන වසරේ පළමු පාසල් වාරයේ සිට එය බලාත්මක වනු ඇති.

අධ්‍යයන පාඩම් සඳහා එල්ලවන බලපෑම – සිසුන්ගේ මානසික සෞඛ්‍යය ඇතුලු කරුණු සළකා මෙම තීරණය ගත් බවයි ප්‍රාන්ත රජය නිවේදනය කලේ.

පාසල් කාලය තුළදී ද්විතියික පංතිවල සිසුන් දුරකථන ක්‍රියාවිරහිත කර තැබිය යුතු අතර ප්‍රාථමික පංතිවල සිසුන්ට පාසල වෙත ඒවා ගෙන ඒම තහනම් වනු ඇති.

ටික්ටොක් වැනි ඇප්ලිකේෂන හමුවේ පාසල් සිසුන් අතර අධ්‍යයන කාලය තුළදී පවා දුරකථන භාවිතය අසීමිත ලෙස ඉහළගොස් ඇති බවටයි හඳුනාගෙන ඇත්තේ.

මෙම නව නීතිය පුද්ගලික පාසල් සඳහා බල නොපාන නමුත් ඔවුන්ද එය අනුගමනය කරන්නේ නම් වැදගත් බව Northern Territory ප්‍රාන්ත රජය අවධාරණය කරනවා.

ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත හැකර්වරයකුගේ අතට

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත කිසියම් කණ්ඩායමක් සොරාගෙන ඇති බව මෙඩිසෙකියුර් (MediSecure) සමාගම පවසනවා.

Read More »

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »