
ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන සතුව තිබූ වාර්තාවක් බිඳ හෙළීමට ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාත් කෝලි සමත්විය.
කෝලි විසින් මෙලෙස තමන් සතුකරගත්තේ විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ වැඩිම ලකුණුවලට අදාළ වාර්තාවයි.
ලෝක කුසලාන විස්සයි විස්ස තරග ඉතිහාසයේ ඉනිම් 31කදී ලකුණු 1016ක් රැස්කරගනිමින් මහේල ජයවර්ධන එහි පෙරමුණේ පසුවිය.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව දැන් පැවැත්වෙන තරගයේදී කෝලි එම ලකුණු සීමාව පසුකර යාමට සමත්විය.
ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 2 වන ස්ථානයට පැමිණ තිබේ.

ඒ අනුව ප්‍රසාද ලකුණු 697ක් ඔහු හිමිකරගෙන ඇත.
ඔහු මීට පෙර එහි 5 වන ස්ථානයේ රැඳී සිටියේය.
ඇෆ්ගනිස්තාන ක්‍රීඩක රෂීඩ් ඛාන් තවදුරටත් විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ පසුවෙයි.
ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 9වන ස්ථානයේ රැඳී සිටී.
එසේම වනිඳු හසරංග විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීම්වලද 8 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව ඇත.