Search

එක් එක් බැංකු පොළී අනුපාත ඉහළ දමන දින මෙහෙමයි

Cash rate අගය ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව පියවර ගැනීමත් සමග ප්‍රධාන බැංකු සියල්ලම මේ වනවිට සිය පොළී අනුපාත ඉහළ දැමීම නිවේදනය කර තිබෙනවා.

පදනම් ඒකක 25 කින් හෙවත් සියයට 0.25 කින් Cash rate අගය ඉහළ දැමීමටයි ඊයේ දිනයේදී සංචිත බැංකුව පියවර ගත්තේ.

ඒ අනුව ඔස්ටේ්‍රලියාව තුළ Cash rate අගය මේ වනවිට සියයට 2.85 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

2013 වසරෙන් පසු Cash rate අගය ඉහළම මට්ටමක පවතින අවස්ථාව ලෙසයි එය හැඳින්වෙන්නේ.

මේ අනුව එක් එක් බැංකුව විසින් නිවාස පොළියද සියයට 0.25 කින් වැඩි කර තිබෙනවා.

එම දින පහත පරිදියි.

NAB – November 11

Westpac – November 15

Commonwealth Bank – November 11

Suncorp – November 11

පහත බැංකු විසින් මෙතෙක් පොළී අනුපාත ඉහළ දමන දිනයක් ප්‍රකාශයට පත් කර නොමැත.

ANZ
ING
Bendigo Bank
Bankwest
Bank of Queensland
HSBC
St George
Heritage Bank

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »