අද කොළඹ විරෝධතාවට පොලිසිය අවසර නොදෙයි

PROTEST IUSF

දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ බහුජන සංවිධානය ඒකාබද්ධව අද පස්වරුවේ කොළඹදී පැවැත්වීමට සූදානම් විරෝධතාව කොටුව දුම්රියපොළ ඉදිරිපිට හෝ ඒ ආසන්නයේ පැවැත්වීමට අවසර නොදෙන බව ඊට සහභාගීවන පාර්ශ්වවලට දැනුම් දෙමින් පොලිසිය ලිපියක් නිකුත් කර තිබේ.

කොළඹ මධ්‍යම 2 කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරී කේ.ඒ.ඊ. එන්. දිල්රුක් ගේ අත්සනින් නිකුත් කර ඇති මේ ලිපිය භාර දීම සඳහා අද අලුයම සිට පොලිස් නිලධාරීන් විරෝධතාවට සහභාගීවීමට සූදානම් වන පාර්ශව සිටින නිවාස සහ කාර්යාලවලට ගොස් තිබිණ.

සහකාර පොලිස් අධිකාරීවරයාගේ ලිපියේ සඳහන් වන්නේ, මෙම විරෝධතාව පැවැත්වෙන කාල සීමාවේ මාර්ග අවහිර වීම නිසා රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවය අවසන් කර යන ජනතාවට මෙන්ම කොටුව සහ පිටකොටුව තොග වෙළඳාමට ද අවහිරතා ඇති විය හැකි බවයි.

විරෝධතාව නිසා ඇතිවන වාහන තදබදයෙන් ප්‍රවාහන කටයුතු අඩාල වීම නිසා කටුනායක , බියගම , වතුපිටිවල හා මහනුවර ආදි ආර්ථික කලාපවල සිට කොළඹ වරායට බහාලුම් රැගෙන ඒමේදී ,, නියමිත කාලයට නැව් ගතකර නොහැකි වීමෙන් ආර්ථික බලපෑමක් ඇතිවන බව ද මෙම ලිපියේ සඳහන් ය.

ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ , විරෝධතාවය නිසා මාර්ග අවහිර වීමෙන් සංචාරකයින්ට ද පීඩාවක් හා අවහිරයක් සිදුවන බවයි.

පොලිස් අඥා පනතේ 80 වැනි වගන්තිය යටතේ ග්‍රැමෆෝනයක් , ශබ්ධ විකාශන යන්ත්‍රයක් හෝ මෙගාෆෝනයක් හෝ ඇම්ප්ලිෆියරයක් හෝ යන්ත්‍රාණුසාරයෙන් හෝ ශබ්ධය නිපදවන හෝ නැවත නිපදවන හෝ විශාලකරන වෙනත් උපකරණයක් භාවිත කිරීමට සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ අවසරය ගත යුතු උවත් එවැනි අවසරයක් ද ලබා ගෙන නැතැයි මෙම ලිපියේ සඳහන් ය.

එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මාර්ග අවහිර වීමක් හෝ බාධා වීමක් සිදු වුවහොත් ජනතාවට වන පීඩා ඉවත් කිරීමට පොලිස් අඥා පනතේ සහ වෙනත් නීති යටතේ ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි.

ඔස්ට්‍රේලියාව පැරදූ ඇෆ්ගනිස්ථානයට වාර්තාගත ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාලියේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම පරදවා ඉතිහාසගත වන ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද සමත්වුණා. ඒ ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග අද පැවති තරගය ලකුණු 21කින් ජය ගැනීමත් සමගයි. ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව තරගයක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ද මෙය ලෙසටයි වාර්තා අතරට එක්වන්නේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 148ක් රැස් කළා. Rahmanullah Gurbaz පන්දු 49කින් වේගවත් ලකුණු

Read More »

T20 ලෝක කුසලානයේදී Pat Cummins ගෙන් යළිත් වාර්තාවක්

2024 පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා ක්‍රීඩක පැට් කමින්ස් අද සමත්වුණා.

Read More »

ඔස්ට්‍රේලියානු තරුණයන්ගේ ක්‍රියාවක් නිසා අනාගතය ගැන අවදානමක්

දකුණු ඔස්ට්‍රේලියානු තරුණයින් අතර සාමාන්‍ය දුම් පානය අභිබවා ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතය ඉහළ ගොස් ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඇෆ්ගනිස්ථානයෙන් ඔස්ට්‍රේලියාවට ලකුණු 149ක ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ super 8 වටයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 149ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »