ලබන මස 26 වනදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී තැපැල් ඡන්දය භාවිත කිරීමට තීරණය කර ඇති පුද්ගලයන්ට අද (02) සිට ඒ සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව පවතිනවා.
ලබන 23 වනදා අතර කාලයේදී ඉදිරිපත් කල යුතු වනවා.
ලබන 08 වනදා වනවිට සිය තොරතුරු යාවත්කාලීන කල යුතු බව වික්ටෝරියා මැතිවරණ කොමිසම දැනුම් දෙනවා.
ඡන්දය ප්‍රකාශ කල හැකි ක්‍රම 03 ක් පවතින අතර තැපෑලෙන් ඡන්දය භාවිත කිරීමට හෝ මැතිවරණ දිනයේදී පෙරවරු 08 ත් පස්වරු 06 ත් අතර ඡන්ද මධ්‍යස්ථානයකට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමට ඒ අනුව අවස්ථාව පවතිනවා.
එසේ නොමැතිනම් නොවැම්බර් 14 වනදා සිට 25 වනදා දක්වා ඕනෑම දිනයකදී පූර්ව ඡන්ද මධ්‍යස්ථානයක් වෙත ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමටද හැකියි.
ෆෙඩරල් මැතිවරණයකදී මෙන්ම වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදීත් ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය වන අතර කිසියම් අයෙකු ඒ සඳහා කටයුතු නොකලහොත් දින 28 ක් ඇතුළත ඩොලර් 92 ක දඩයක් ගෙවිය යුතු වනවා.
Details : https://www.aec.gov.au/enrol/