Search

NSW TAFE ගුරුවරුන් පැය 24 ක වර්ජනයක

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ TAFE පාසල් 60 කට වැඩි සංඛ්‍යාවක ගුරුවරුන් අද දිනයේදී පැය 24 ක වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ වැටුප් ඉහළ දැමීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනුයි.

ප්‍රාන්තයේ නාගරික – ප්‍රාදේශීය සහ ග්‍රාමීය ප්‍රදේශවල පාසල් නියෝජනය වන පරිදි ගුරුවරුන් මෙම වර්ජනයට එක්ව සිටින බව සඳහන්.

පසුගිය වසර 10 පුරා නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් පාසල් වෙනුවෙන් ලබාදී ඇති ප්‍රතිපාදන කප්පාදු කර ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

2012 වසරේදී TAFE NSW විසින් ගුරුවරුන් හා අධ්‍යයන කාර්ය මණ්ඩලය 17,000 ක් පවත්වාගෙන ගියද මේ වනවිට එය 8197 ක් දක්වා අඩුවී ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා.

ගුරුවරුන් සංඛ්‍යාව අඩුවීමෙන් එක් ගුරුවරයෙකු මත පැටවෙන වැඩ ප්‍රමාණය ද වැඩිවන බවයි වර්ජනයට එක්ව සිටින ගුරුවරුන් සඳහන් කරන්නේ.

එමෙන්ම ඉහළ යන ජීවන වියදමට සාපේක්ෂව TAFE ගුරුවරුන්ගේ වැටුප ඉහළ ගොස් නොමැති බවද ඔවුන් අවධාරණය කරනවා.

ඔස්ට්‍රේලියාවේ විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමේ ගාස්තු ඉහළට

නව විශ්ලේෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන්ට විශේෂඥ වෛද්‍යවරුන් හමුවූවීම සදහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව අනාවරණය වී තිබෙනවා. ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු විශේෂඥ වෛද්‍යවරුන් හමුවීම

Read More »

AI ඔස්සේ ව්‍යාජ නිරුවත් වීඩියෝ සෑදූ සිසුවෙකුට චෝදනා

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පාසලක ගැහැනු ළමුන්ගේ නිරුවත් වීඩියෝ AI ඔස්සේ ව්‍යාජ ලෙස නිර්මාණය කර සිසුවෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු මෙම රූප Snapchat ඔස්සේ වෙනත් සිසුන්ටද

Read More »

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »