වික්ටෝරියානුවන්ට දුම්රිය හා ජල ගාස්තු අඩුවක්

තවත් දින 24 කින් පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී තමන් ජයගතහොත් V-Line සඳහා උපරිම ගාස්තුවක් ප්‍රකාශයට පත්කරන බව අගමැති ඩැනියල් ඇන්ඩෲස් පවසනවා.

ඒ අනුව දෛනික ගාස්තුව ඩොලර් 9.20 ක උපරිමයක් ලෙස නියම කරන බවයි අද Ballarat හිදී පැවති ප්‍රචාරණ වැඩසටහනකදී ඔහු සඳහන් කලේ.

ඊට අමතරව වික්ටෝරියා ප්‍රාදේශීය දුම්රිය මාර්ග පද්ධතිය නංවාලීමට පියවර ගන්නා බවටත් ඩැනියල් ඇන්ඩෲස් මෙහිදී සහතික වුණා.

VLocity ගාස්තු අඩු කිරීම – නව දුම්රිය 23 ක් ධාවනයට එක් කිරීම සහ සති අන්තයේ ධාවනය සඳහා තවත් අමතර දුම්රිය 200 ක් යෙදවීම ඊට අයත්.

මේ අතර මැතිවරණයෙන් ලිබරල් සන්ධානය ජයගතහොත් ජල බිල්පත් ගාස්තු අඩු කරන බවට විපක්ෂ නායක මැතිව් ගයි පවසනවා.

ජලය මත පණවා ඇති සේවා ගාස්තුව ඒ අනුව ඉවත් කෙරෙනු ඇති.

මේ යටතේ වික්ටෝරියා ප්‍රාන්තයේ ජල සබඳතා ඇති සෑම නිවසකටම වසරකට ඩොලර් 100 ක පමණ මුදලක් ඉතිරිවනු ඇති බවද මැතිව් ගයි කියාසිටියා.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »