ශ්‍රී ලංකාව Semi Final යන්නේ මෙහෙමයි

SRI LANKA CRICKET

ශ්‍රී ලංකාවට තවමත් පන්දුවාර 20 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනිමට හැකියාව පවතින බව ක්‍රිකට් විචාරකයන් පෙන්වා දෙනවා.

කෙසේවෙතත් ඒ සඳහා සෙසු කණ්ඩායම් තරග වදින ආකාරය දෙස බලා සිටීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවනු ඇති.

සිකුරාදා (04) පැවැත්වෙන නවසීලන්ත – අයර්ලන්ත තරගයේදී නවසීලන්තය ජයගෙන, සිකුරාදා (04) පැවැත්වෙන ඔස්ටේ්‍රලියා – ඇෆ්ඝනිස්ථාන තරගයේදී ඔස්ටේ්‍රලියාව ජයගෙන, ලබන සෙනසුරාදා පැවැත්වෙන එංගලන්තයට එරෙහි තරගයේදී ශ්‍රී ලංකාව ජය ගත්තද ශ්‍රී ලංකාවට ඉවත්වීමට සිදුවනවා.

කෙසේවෙතත් එම තරග දෙකෙන් එකකදී ඔස්ටේ‍රලියාව හෝ නවසීලන්තය පරාජයට පත්ව එංගලන්තයට එරෙහි තරගයේදී ශ්‍රී ලංකාව ජයගත හොත් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇති.

නවසීලන්තය සහ ඔස්ටේ්‍රලියාව සහභාගීවන තරග දෙකෙන් එකකට වර්ෂාව ඇද හැලුණහොත් සහ එංගලන්තයට එරෙහි තරගයේදී ශ්‍රී ලංකාව ජයගත හොත්ද ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනවා.

ඒ දළ ළකුණු වේගය සළකා බැලීමේදී පෙර ජයගත් තරග සංඛ්‍යාවද සළකා බැලීම හේතුවෙන්.

ලබන සෙනසුරාදා පැවැත්වෙන එංගලන්තයට එරෙහි තරගයේදී ශ්‍රී ලංකාව පරාජයට පත්වුවද – වර්ෂාව ඇද හැලුණද ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු බිඳවැටෙනවා.

නවසීලන්තය සහ ඔස්ටේ්‍රලියාව සහභාගීවන තරග දෙකටම වර්ෂාව ඇදහැලී එංගලන්තයට එරෙහි තරගයේදී ශ්‍රී ලංකාව ජයගතහොත් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නේ පළමු කාණ්ඩයේ ඉහළම ස්ථානයට පත්වෙමිනුයි.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »