$ 05 නෝට්ටුව ගැන ඔස්ටේ්‍රලියාව තීරණයක් ගන්න යයි

ඩොලර් 05 නෝට්ටුවෙන් එළිසබෙත් රැජිණගේ රුව ඉවත් කර චාර්ල්ස් රජුගේ රුව යෙදීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ෆෙඩරල් සංචිත බැංකුව පවසනවා.

එහි ප්‍රධානී ෆිලිප් ලෝ සඳහන් කලේ චාර්ල්ස් රජුගේ රුව නොමැතිව නව නෝට්ටුවක් නිකුත් කල යුතු බවට ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන්ද ෆෙඩරල් රජය සමග සාකච්ඡා කර අවසන් තීන්දුවකට එළඹෙන බවයි.

1923 වසරේ සිට මේ දක්වා ඔස්ටේ්‍රලියාව තුළ භාවිතයේ පවතින එක් නෝට්ටුවක හෝ බ්‍රිතාන්‍ය රජු හෝ රැජිණගේ රුව අන්තර්ගත වුණා.

එය ඉවත් කර වෙනම නෝට්ටුවක් හඳුන්වාදීම යනු ආන්දෝලනාත්මක කරුණක් විය හැකි බවයි ෆෙඩරල් සංචිත බැංකුවේ අධිපතිවරයා පෙන්වා දෙන්නේ.

මේ අතර චාර්ල්ස් රජුගේ රුව ඇතුළත් කාසි නිපදවීම මහා බ්‍රිතාන්‍යය විසින් දැනටමත් ආරම්භ කර ඇතැයි පසුගියදා වාර්තා වුණා.

කාන්තාවන්ගේ මූලික අවශ්‍යතාවයක් බදුවලින් නිදහස් කරන්නැයි ඉල්ලීම්

බ්‍රිතාන්‍ය කාන්තාවන්ගේ යට ඇඳුම් සහ සනීපාරක්ෂක තුවා සඳහා බදු මුදල් අය කිරීම සාධාරණ නොවන බවට සමාජ කතිකාවක් නිර්මාණය වී තිබෙනවා.

Read More »

අද (17) සිට ශ්‍රී ලංකාවේ නව වීසා ක්‍රමවේදයක්

අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නව වීසා ක්‍රමවේදය සහ නව මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරෙනවා.

Read More »

සිඩ්නි පාසලක් අසල පිහි ඇනුමකින් 18 හැවිරිදි සිසුවෙක් මියගිය සිද්ධියට තවත් පිරිසක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නි ප්‍රදේශයේ පාසලක් අසලදී පිහි ඇනුමකින් 18 හැවිරිදි පිරිමි ළමයෙකු මියගිය සිද්ධියට තවත් පිරිමි ළමයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රිය ධාවනයේදී කෝපයට පත්වන ඔස්ට්‍රේලියානු රියදුරන් ගැන හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් රිය ධාවනයේදී ප්‍රකෝපකාරීව හැසිරෙන බවට සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් විවේකය ගත කරන ආකාරය ගැන නවතම අධ්‍යයනයක්

ඔස්ට්‍රේලියානුවන් තම විනෝදය සහ විවේකය සඳහා කාලය ගත කළ ආකාරය පිළිබඳ නවතම අධ්‍යනයක් ජන හා සංඛ්‍යාලේඛන කාර්යංශය මගින් සිදු කර තිබෙනවා.

Read More »

බැංකු කාඩ්පත් වංචා නිසා ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වෙයි

පසුගිය වසරේ දී පමණක් බැංකු කාඩ්පත් වංචා හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වි ඇති බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »