ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්තයකින් සුපිරි ගුරු යෝජනාවක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ expert teachers හෙවත් ගුරු විද්වතුන් ලෙස නව ක්ෂේත්‍රයක් ස්ථාපිත කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

දැනට සිටින ගුරුවරුන් අතරින් ඉහළම දක්ෂතා සහිත ගුරුවරුන් මෙම ගණයට යටත්වන අතර ඔවුන්ට සුදුසුකම් මත ඩොලර් 117,000 සිට ඩොලර් 147,000 දක්වා වන වාර්ෂික වැටුපක් හිමිවනු ඇති.

නිවු සවුත් වේල්ස් ගුරුවරුන් අතර සිදුකල මත විමසුමකින්ද අනාවරණය වී ඇත්තේ ඔවුන්ගෙන් 3/4 ක් මෙවැනි වෘත්තියක් ඇති කිරීමට කැමැත්තෙන් පසුවන බවයි.

වැටුප් ප්‍රමාණවත් නොවීම සහ අධික වැඩ රාජකාරි ඇතුලු කරුණූ කිහිපයක් හේතුවෙන් ප්‍රාන්තයේ ගුරුවරුන් අතුරින් බහුතරයක් වෙනත් රැකියා සඳහා යොමුවීමට කැමැත්තෙන් පසුවන බව අනාවරණ වී තිබුනා.

කෙසේවෙතත් මෙම නව වෘත්තියත් සමග එම තත්වය මග හැරෙනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

ඉදිරි සති 04 තුළදී ප්‍රාන්තයේ ගුරුවරුන් ඇතුලු සියලු පාර්ශව සමග අදහස් හුවමාරු කරගැනීමෙන් පසු ලබන වසරේ සිට ස්ථිරවම එය ක්‍රියාවට නැංවීමයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ සැළසුම වන්නේ.

අද (17) සිට ශ්‍රී ලංකාවේ නව වීසා ක්‍රමවේදයක්

අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නව වීසා ක්‍රමවේදය සහ නව මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරෙනවා.

Read More »

සිඩ්නි පාසලක් අසල පිහි ඇනුමකින් 18 හැවිරිදි සිසුවෙක් මියගිය සිද්ධියට තවත් පිරිසක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නි ප්‍රදේශයේ පාසලක් අසලදී පිහි ඇනුමකින් 18 හැවිරිදි පිරිමි ළමයෙකු මියගිය සිද්ධියට තවත් පිරිමි ළමයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රිය ධාවනයේදී කෝපයට පත්වන ඔස්ට්‍රේලියානු රියදුරන් ගැන හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් රිය ධාවනයේදී ප්‍රකෝපකාරීව හැසිරෙන බවට සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් විවේකය ගත කරන ආකාරය ගැන නවතම අධ්‍යයනයක්

ඔස්ට්‍රේලියානුවන් තම විනෝදය සහ විවේකය සඳහා කාලය ගත කළ ආකාරය පිළිබඳ නවතම අධ්‍යනයක් ජන හා සංඛ්‍යාලේඛන කාර්යංශය මගින් සිදු කර තිබෙනවා.

Read More »

බැංකු කාඩ්පත් වංචා නිසා ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වෙයි

පසුගිය වසරේ දී පමණක් බැංකු කාඩ්පත් වංචා හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වි ඇති බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »