ඔස්ටේ්‍රලියාව තුළදී ඉහළම වැටුප් ලැබිය හැකි නවතම රැකියා ලැයිස්තුව මෙන්න

ඔස්ටේ්‍රලියාව තුළදී ඉහළම වැටුප් ලැබිය හැකි නවතම රැකියා ලැයිස්තුව බදු කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඊට අනුව පළමු ස්ථානයට පත්ව ඇත්තේ ශෛල්‍ය වෙද්‍යවරුන් වන අතර ඔවුන්ගේ වාර්ෂික දළ වැටුප ඩොලර් 394,303 ක්.

ඩොලර් 386,065 ක දළ වැටුපක් සමග නිර්වින්දන වෛද්‍යවරුන් දෙවන ස්ථානයටත් ඩොලර් 304,752 ක දළ වැටුපක් සමග අභ්‍යන්තර ඖෂධ විශේෂඥවරුන් 03 වන ස්ථානයටත් පත්ව තිබෙනවා.

මූල්‍ය ගණුදෙනුකරුවන් 04 වන ස්ථානයේ පසුවන්නේ ඩොලර් 275,984 ක වාර්ෂික දළ වැටුපක් සමගිනුයි.

ඩොලර් 235,558 ක දළ වැටුපක් සමගින් මානසික වෛද්‍යවරුන් 05 වන ස්ථානයට පත්ව තිබෙනවා.

සාමාන්‍ය වෛද්‍යවරුන් ලැයිස්තුවේ 06 වන ස්ථානයට පත්ව ඇත්තේ ඩොලර් 222,933 ක වාර්ෂික දළ වැටුපක් ලබා ගනිමින්.

අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ විනිසුරුවරුන් – මහේස්ත්‍රාත්වරුන් සහ නීතීඥවරුන් ඩොලර් 188,798 ක වැටුපක් සමග 07 වන ස්ථානයේ පසුවනවා.

ඔස්ටේ්‍රලියාව තුළදී ඉහළම වැටුප් ලැබිය හැකි රැකියා ලැයිස්තුවේ 08 වන ස්ථානයට පත්ව ඇත්තේ පතල් ඉංජිනේරුවනුයි.

ඒ ඩොලර් 184,507 ක වාර්ෂික දළ වැටුපක් සමගින්.

ව්‍යාපාර ගෘහ නිර්මාණ කළමණාකරුවන් ඩොලර් 168,762 ක වාර්ෂික දළ වැටුපක් සමගින් 09 වන ස්ථානයටත් ආයතන ප්‍රධාන විධායක නිළධාරීන් ඩොලර් 164,896 ක වාර්ෂික දළ වැටුපක් සමග 10 වන ස්ථානයටත් පත්ව සිටිනවා.

විශ්‍රාම යන ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන්

විශ්‍රාම යෑමේදී මිලියන 4කට අධික ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »

TikTok වීඩියෝවක් නිසා මෙල්බන් කාන්තාවක් ලොව ජනප්‍රිය වෙයි

මෙල්බන්හි වෙස්ට් ගේට් පාලම මත මෝටර් රථයක ඉදිරිපස අසුනේ රූගත කරන ලද ටික්ටොක් විඩියෝවක් හේතුවෙන් මෙල්බන් කාන්තාවක් ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා.

Read More »