
ඔස්ටේරලියාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ තවත් සමාගමක් වන Medlab Pathology හි පාරිභෝගික දත්ත ද සොරාගෙන තිබෙනවා.
Medlab Pathology හි රෝගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ දත්ත හැකර්වරුන් විසින් ලබාගෙන ඇති බව සඳහන්.
පුද්ගලයන් 223,000 කට පමණ බලපාන වෛද්‍ය වාර්තා, ක්‍රෙඩිට් කාඩ් අංක සහ Medicare අංක විශාල ප්‍රමාණයක් මෙලෙස ලබාගෙන ඇති බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

මේ අතර මාස අටකට ආසන්න කාලයක් මෙම සිද්ධිය වසන් කල බවටද Medlab Pathology සමාගමට චෝදනා එල්ල වනවා.
Pathology පරීක්ෂණවලට සම්බන්ධ පුද්ගලයින් 17,539 කගේ වෛද්‍ය සහ සෞඛ්‍ය වාර්තා / පුද්ගලයින් 28,286 කගේ ක්‍රෙඩිට් කාඩ් අංක සහ ඔවුන්ගේ නම් මෙන්ම පුද්ගලයින් 128,608 කගේ Medicare අංක සහ ඔවුන්ගේ නම් මෙහිදී අනවසරයෙන් ලබාගෙන තිබෙනවා.

ඔස්ටේ්‍රලියාවේ විශාලතම පුද්ගලික සෞඛ්‍ය රක්‍ෂණ සමාගම වන Medibank වෙතද සති කිහිපයකට පෙර සයිබර් ප්‍රහාරයක් එල්ල වූ අතර පුද්ගලික වෛද්‍ය වාර්තාවලට බලපාන සයිබර් ප්‍රහාරයක් මෙරට සමාගමක් වාර්තා කළ දෙවන අවස්ථාව මෙයයි.