Search

අඛණ්ඩව 07 වන මාසයටත් cash rate අගය ඉහළට

අඛණ්ඩව 07 වන මාසයටත් පොළී අනුපාත ඉහළ දැමීමට ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් සංචිත බැංකුව අද තීරණය කලා.

ඒ අනුව cash rate අගය පදනම් ඒකක 25 කින් හෙවත් සියයට 0.25 කින් වැඩි කෙරුණු අතර එය ඉහළ යනු ඇත්තේ සියයට 2.85 දක්වායි.

2013 වසරෙන් පසු ඔස්ටේ්‍රලියාව තුළ cash rate අගය මෙතරම් ඉහළ අගයක පවතින පළමු අවස්ථාව මෙයයි.

මෙලෙස cash rate අගය ඉහළ දැමීමත් සමග, ඩොලර් ලක්ෂ 05 ක ණයක් ගෙන ඇති අයෙකුගේ ණය වාරිකයේ වැඩිවීම ඩොලර් 74 ක් පමණ වන අතර පසුගිය මැයි මාසයේ සිට සළකා බැලීමේදී එය ඩොලර් 760 ක් පමණ වනවා.

ඩොලර් මිලියනයක ණයක් ගෙන ඇති අයෙකුගේ ණය වාරික වැඩිවීම පසුගිය මැයි මාසයේ සිට සළකා බැලීමේදී ඩොලර් 1500 ක් දක්වා ඉහළ යනු ඇති.

ඔස්ටේ්‍රලියාවේ උද්ධමනය වසර 32 කට පසු වැඩිම අගය සටහන් කරමින් මේ වනවිට සියයට 7.3 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »