වික්ටෝරියානුවන්ට ජල ගැලීම් හානි වන්දි මුදල් ප්‍රකාශයට

ජල ගැලීම් හමුවේ බලපෑම් එල්ලවු වික්ටෝරියා ප්‍රාන්තයේ ව්‍යාපාරික ස්ථාන – ස්වේච්ඡා මධ්‍යස්ථාන සහ නිෂ්පාදකයන්ට වන්දි මුදලක් ඉල්ලුම් කිරීමට අවස්ථාව සළසා දී තිබෙනවා.

ඩොලර් මිලියන 877 ක වටිනාකමින් යුත් එය අගමැති ඇන්තනි ඇල්බනීස් සහ වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් විසින් අද පෙරවරුවේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ගොඩනැගිලිවලට හානි සිදුවූ සුලු පරිමාණ ව්‍යාපාර සහ ලාභ නොලබන ආයතන සඳහා ඩොලර් 50,000 ක උපරිමයක් දක්වා වන වන්දි මුදලක් මෙහිදී අනුමත විය හැකියි.

මධ්‍ය පරිමාන සහ මහා පරිමාණ ව්‍යාපාර සඳහා ඩොලර් ලක්ෂ 02 ක වන්දියක් ලබාගත හැකි බවයි මෙහිදී නිවේදනය කෙරුණේ.

කෘෂි නිෂ්පාදකයන් සඳහා උපරිම ඩොලර් 75,000 ක වන්දි මුදලක් ලබා ගත හැකි බවද සඳහන්.

මීට අමතරව හානි සිදුවු නිවාස සඳහා ඩොලර් මිලියන 187 ක මුදලක් වෙන් කර තිබෙනවා.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 1800 560 760 මගින් ලබාගත හැකියි.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »