ලොවපුරා ග්‍රාහකයන් රැසකගේ ඉන්ස්ටග්‍රම් ගිණුම්වල බිඳවැටීමක්

ඉන්ස්ටග්‍රම් ගිණුම්වල බිඳවැටීමක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය රැසක් වාර්තා කර තිබේ.

එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ලොවපුරා ග්‍රාහකයන් රැසකගේ ඉන්ස්ටග්‍රම් ගිණුම් මෙලෙස බිඳවැටීමකට ලක්ව ඇති බවය.

සමාජ මාධ්‍ය බිඳවැටීම් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන ඩවුන් ඩිටෙක්ටර් වෙබ් අඩවිය ද ඒ පිළිබඳ සඳහන් කර ඇත.

මේ අතර එම සමාජ මාධ්‍ය ජාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ගැටලුව විසඳීම සඳහා පියවර ගනිමින් සිටින බවය.

ඇතැම් පරිශීලකයන්ට ලැබී ඇති පණිවුඩවල දක්වා ඇත්තේ දින 30 කට ඔවුන්ගේ ගිණුම් අත්හිටුවා ඇති බවයි.

ඉන්ස්ටග්‍රම් අයිති වන්නේද ෆේස්බුක් මව් සමාගම වන මෙටා සතුව වන අතර ඔවුන්ටම අයත් තවත් සමාගමක් වන වට්ස්ඇප් ද පසුගිය සතියේදී පැය කිහිපයකට බිඳවැටී තිබුණා.

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »