
ක්‍රිකට් ක්‍රීඩාවෙන් දක්ෂතා දක්වා අද වනවිට ක්වීන්ස්ලන්ඩ් හි හොඳම පීසා අවන්හලෙහි හිමිකරු බවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයෙකු අද Ausලංකා TV සමග කථාබහට එක්වනවා.
ඔහු අමිල වෙත්තසිංහ.
2002 සහ 2014 අතර කාලයේදී ඔහු පළමු පෙළ ක්‍රිකට් තරග 71 කට සහ ඒ කාණ්ඩයේ තරග 55 කට ක්‍රීඩා කර තිබෙනවා.

එමෙන්ම එංගලන්තයේ Lincolnshire සහ Cumbria හි ලීග් ක්‍රිකට් තරග සඳහාද අමිල වෙත්තසිංහ ක්‍රීඩා කර ඇත.
පළමු පෙළ තරගවලදි ඉණිම 113 කදී අමිල ලබාගෙන ඇති ළකුණු සංඛ්‍යාව 2583 ක් වන අතර වැඩිම ළකුණු සංඛයාව නොදැවී 136 ක්.

ශතක 03 ක් සහ අර්ධ ශතක 11 ක් ද ඒ අතර වනවා.
පළමු පෙළ තරගවලදි කඩුලු 75 ක් දවාගෙන ඇති අමිල වෙත්තසිංහ තුන් ඉරියව් ක්‍රීඩකයෙකුද වනවා.
ඔස්ටේ්‍රලියාවට පැමිණීමෙන් පසුවද ක්‍රිකට් ක්‍රීඩාවෙහි නිරත වූ ඔහු ක්වීන්ස්ලන්ඩි හි ක්‍රිකට් ඇකඩමියක් පවත්වාගෙන යමින් ක්‍රීඩකයන්ට පුහුණුව දෙමින් සිටිනවා.
අමිලගේ පුත්‍රයාද මේ වනවිට වයස අවුරුදු 15 න් පහළ ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩා කිරීම විශේෂත්වයක්.
ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව වෘත්තියක් ලෙස අමිල විසින් පීසා අවන්හලක් පවත්වාගෙන යනු ලබනවා.
ක්වීන්ස්ලන්ඩ් හි හොඳම පීසා අවන්හල ලෙසද වරක් නම් කෙරුණු එය OzSrio Pizza Kebab & Cafe-Ipswich වනවා.
අමිලගේ පීසා අවන්හල පිළිබඳ සියලු තොරතුරු ඇතුළත් ෆේස්බුක් පිටුව මෙතැනින් – https://www.facebook.com/profile.php?id=100063554414293