Melbourne Cup අද – 90% ක වැසි ඇදහැලීමේ සම්භාවිතාවයක්

ඔස්ටේ්‍රලියාවේ ප්‍රධානතම තුරග තරගාවලියක් ලෙස සැළකෙන Melbourne Cup තරගාවලිය අද මෙල්බන් Flemington Racecourse හිදී පැවැත්වෙනවා.

කෙසේවෙතත් ඉතිහාසයේ සිසිල්ම Melbourne Cup දිනය ලෙස මෙවර වාර්තා අතරට එක්වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ඒ අනුව අද මෙල්බන් උපරිම උෂ්ණත්වය පවතිනු ඇත්තේ සෙල්සියස් අංශක 14 ක් ලෙසයි.

බොහෝවිට අද පස්වරුවේ මෙල්බන් නගරයට ධාරාණිපාත වර්ෂා මෙන්ම කුණාටු තත්වයක්ද පවතිනු ඇති බව කාළගුණ අනාවැකියේ සඳහන්.

අද දිනයේ මෙල්බන් නගරයට වැසි ඇදහැලීමේ සම්භාවිතාවය පවතින්නේ සියයට 90 ක් ලෙසයි.

අද වික්ටෝරියා ප්‍රාන්තය තුළ නිවාඩු දිනයක්ද වනවා.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »