
පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන මීලග තරගය අද පැවැත්වෙනවා.
ඒ ඇෆ්ඝනිස්ථානයට එරෙහිවයි.
බ්‍රිස්බන් වේලාවෙන් පස්වරු 02 ට හෙවත් ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 09.30 ටයි තරගය ආරම්භ වන්නේ.

සුපිරි 12 වටයේ මේ දක්වා සහභාගී වූ තරගවලින් ශ්‍රී ලංකාව ජය ගත්තේ අයර්ලන්තයට එරෙහි තරගය පමණයි.
නවසීලන්තය සහ ඔස්ටේරලියාව හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත්වූ අතර ප්‍රසාද ළකුණු සටහනේ ඒ අනුව ශ්‍රී ලංකාවට ලැබී ඇත්තේ 05 වන ස්ථානයයි.

ඇෆ්ඝනිස්ථානය 06 වන ස්ථානයේ පසුවනවා.