
මෙම මාසයට අදාළ පොළී අනුපාත අගයන් තීරණය කිරීම සඳහා ෆෙඩරල් සංචිත බැංකු විධායක මණ්ඩලය අද රැස්වනවා.
ප්‍රධාන බැංකු 04 ම අනාවැකි පළ කර ඇත්තේ පදනම් ඒකක 25 ත් 50 ත් අතර අගයකින් එනම් සියයට 0.25 ත් 0.5 ත් අතර අගයකින් cash rate අගය වැඩි කෙරෙනු ඇති බවයි.
කොමන්වෙල්ත් බැංකුව – NAB සහ ANZ යන බැංකු 03 ම පුරෝකථනය කරන්නේ cash rate අගය සියයට 0.25 කින් වැඩි කෙරෙනු ඇති බවයි.

එහෙත් වෙස්ට්පැක් බැංකුවේ අනාවැකිය වන්නේ සියයට 0.5 කින් එම අගය ඉහළ දැමෙනු ඇති බවයි.
දැනට ඔස්ටේ්‍රලියාවේ cash rate අගය පවතින්නේ සියයට 2.6 ක් ලෙස වන අතර අනාවැකි පළවී ඇති අගයන්ගෙන් එය වැඩි කලහොත් සියයට 2.85 සිට සියයට 3.1 දක්වා එය ඉහළ යනු ඇති බවටයි ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ.

කිසියම් අයුරකින් සියයට 0.5 කින් cash rate අගය වැඩිකළහොත් ඩොලර් ලක්ෂ 05 ක ණයක් ගෙන ඇති අයෙකුගේ ණය වාරිකයේ වැඩිවීම ඩොලර් 150 ක් පමණ වන අතර පසුගිය මැයි මාසයේ සිට සළකා බැලීමේදී එය ඩොලර් 834 ක් පමණ වනවා.
ඩොලර් මිලියනයක ණයක් ගෙන ඇති අයෙකුගේ ණය වාරිකයේ වැඩිවීම ඩොලර් 299 ක් පමණ වන අතර පසුගිය මැයි මාසයේ සිට සළකා බැලීමේදී එය ඩොලර් 1668 ක් දක්වා ඉහළ යනු ඇති.
ඔස්ටේ්‍රලියාවේ උද්ධමනය වසර 32 කට පසු වැඩිම අගය සටහන් කරමින් මේ වනවිට සියයට 7.3 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.