NSW ප්ලාස්ටික් තහනමේ මීලග අධියර අද සිට

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ එක් වරක් භාවිත ප්ලාස්ටික් තහනමේ මීලග අධියර අද (01) සිට බලාත්මක වනවා.

ඒ අනුව ප්ලාස්ටික් බීම බට – හැඳි ගෑරුප්පු මෙන්ම Cotton bud භාවිතයද තහනම් වනු ඇති.

කෙසේවෙතත් කෝපි කෝප්ප – ප්ලාස්ටික් කෝප්ප – මස් අසුරන ප්ලාස්ටික් තැටි වැනි දෑ තවදුරටත් භාවිත කල හැකියි.

පාරිභෝගිකයන් වෙත ඒවා සපයන තනි පුද්ගලයන්ට ඩොලර් 1,100 ක සහ ව්‍යාපාරික ආයතන වෙත ඩොලර් 5,500 ක දඩයක් නියම කෙරෙන අතර අධිකරණ ක්‍රියාමාර්ගයක් පවා ගැනීමට අවස්ථාව පවතිනවා.

වසරකට පරිසරයට එකතුවන දිරාපත් නොවන තනි භාවිත ප්ලාස්ටික් ප්‍රමාණය බිලියන 2.7 ක් වන නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ කසළ අතුරින් සියයට 60 ක් එම අපද්‍රව්‍ය බවයි පැවසෙන්නේ.

නිවු සවුත් වේල්ස් හි ප්ලාස්ටික් තහනමේ පළමු අධියර පසුගිය ජූනි පළමුවනදා සිට බලාත්මක වූ අතර ෂොපිං බෑග් තහනම් කිරීම ඒ යටතේ සිදුවුණා.

තහනම් ද්‍රව්‍ය :

 

  • Straws
  • Cutlery including chopsticks and sporks
  • Single-use stirrers
  • Bowls and expanded polystyrene bowls
  • Plates and expanded polystyrene plates
  • Cotton buds
  • Polystyrene foodware, cups, and clamshell containers
  • Microbeads in personal care products like face and body cleansers, exfoliants and masks.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »