
මෙල්බන් නාගරික කලාපයෙන් බැහැර ප්‍රදේශවල රථ වාහන තදබදය මෑතකාලීනව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.
විකල්ප මාර්ග නොමැතිවීම හමුවේ ඇතැම්විට කිලෝමීටර් 03 ක පමණ දුරක් යාමට පැයකට වැඩි කාලයක් ගතවන අවස්ථාද දක්නට ඇති බවයි නවතම අධ්‍යයනයකදී අනාවරණ වී ඇත්තේ.
මෙම තත්වයත් සමග බොහෝ පිරිසක් පුද්ගලික වාහන භාවිතය අඩු කර පොදු ප්‍රවාහන සේවා සඳහා පෙළඹි ඇති බවද සඳහන්.

එමෙන්ම ඇතැම් ප්‍රජාවන් විසින් ඔවුන්ටම වෙන්වු කුඩා ප්‍රවාහන සේවා ද ආරම්භ කරගෙන තිබෙනවා.
ඉදිරි මැතිවරණයෙන් බලයට පත්වන කවරෙකු වුවද අවධානය යොමුකල යුතු ප්‍රමුඛතම කාර්යයක් ලෙසයි ඔවුන් විසින් මෙල්බන් පිටත ප්‍රදේශවල ප්‍රවාහන පහසුකම් නංවාලීම හඳුන්වාදී ඇත්තේ.
