ලංකාවේ නිශී ට නවසීලන්තයේදී තවත් ලොකු ජයක්

නවසීලන්තයේදී පසුගියදා පැවැත්වූ නවසීලන්ත විවාහක රූ රැජිණ තරගයට ඉදිරිපත් වූ නිශී රණතුංග එහි 03 වන ස්ථානයට පත්වූවාය.

ඒ අනුව ඇය 2023 විශ්ව විවාහක රූ රැජිණ තරගාවලිය සදහා නවසීලන්තය නියෝජනය කිරීමට (Mrs. Women Universe New Zealand) වරම් හිමි කර ගන්නා ලදී.

නිශී අධ්‍යාපනය පිළිබඳ උපාධියක් සහ ප්‍රාසාංගික කලාව පිළිබඳ ඩිප්ලෝමාවක් ලබාගත් වෘත්තියෙන් ගුරුවරියකි.

NZSL DANCE STUDIO හි අධ්‍යක්ෂිකාව හා ශිල්පිනියක් ලෙසද කටයුතු කරන නිශී අවුරුදු 4 ක දූ සිඟිත්තකගේ ආදරණීය මවකි.

නවසීලන්තයට යාමට පෙර ඇය විදුර විද්‍යාලයේ සහ කොළඹ මියුසියස් විද්‍යාලයේ ආචාර්යවරියක් ලෙසත් කටයුතු කර ඇත.

(Source – SMN24)

ඇමරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ වෙනසක්

පසුගිය කාර්තුව පුරාවට එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩ අතිප්‍රමාණය වීමක් පෙන්නුම් කළ ද එම ප්‍රවණතාවය යම්තාක් දුරකට වෙනස් වී තිබෙනවා.

Read More »

මෙල්බන් කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකිකයෙක් පළමු තැනට

කාය වර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්වී තිබෙනවා.

Read More »

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »