බටහිර ඔස්ටේ්‍රලියාවත් කොවිඩ් හදිසි තත්වය අවසන් කරයි

වසර දෙකහාමාරකට ආසන්න කාලයක් පැවති කොවිඩ් හදිසි තත්වය අවසන් කිරීමට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ප්‍රාන්ත අගමැති මාර්ක් මැක්ගෝවන් සඳහන් කලේ ලබන සිකුරාදා සිට එය බලාත්මක වනු ඇති බවයි.

කොවිඩ් වසංගත සමයේදී ප්‍රාන්ත රජය කටයුතු කල ආකාරය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් පැවැත්වීමටද බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

කොවිඩ් හදිසි තත්වය අවසන් කිරීමත් සමග ප්‍රාන්ත සීමා වසා දැමීමට – ලොක්ඩවුන් පැණවීමට සහ මුහුණු ආවරණ රෙගුලාසි පැණවිමට පැවති බලතල සීමාවනු ඇති.

කෙසේවෙතත් රෝහල් සඳහා තවදුරටත් කොවිඩ් රෙගුලාසි කිහිපයක් බලාත්මක වන බව බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය නිවේදනය කරනවා.

ලොව ජනප්‍රිය සමාගමක ලොකු පුටුවකට මෙල්බන්හි උපාධිය හැදෑරූ ශ්‍රී ලාංකික කාන්තාවක්

Coca-Cola සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂවරිය ලෙස (Country Director Sri Lanka & Maldives) ශ්‍රී ලාංකිකයෙක් වන කෞෂාලි කුසුමපාල පත් කර ඇති බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »