බලශක්ති ගාස්තු නියාමනයට ෆෙඩරල් රජය සැරසෙයි

බලශක්ති මිළ ගණන් සඳහා උපරිම ගාස්තුවක් පැණවිය යුතු බව බහුතර ඔස්ටේ්‍රලියානුවන්ගේ ස්ථාවරය යැයි මත විමසුමකින් අනාවරණ වී තිබෙනවා.

සියයට 79 ක් පමණ එම මතය දරන බවයි මෙහිදී අනාවරණ වී ඇත්තේ.

විදුලි හෝ ගෑස් බිල් ගෙවා ගැනීමට අපහසු පාරිභෝගිකයන්ට සහනයක් දිය යුතු බවට අදහස් දක්වා ඇති ප්‍රතිශතය සියයට 59 ක්.

බලශක්ති මිළ ගණන් සඳහා උපරිම මිළක් පණවන බවට පසුගිය මැතිවරණ සමයේ දුන් පොරොන්දුව ලේබර් පක්ෂය දුන් පොරොන්දුව මේ දක්වා ඉටු කර නොමැති බවටයි ජනතාව චෝදනා කර සිටින්නේ.

කෙසේවෙතත් ගාස්තු නියාමනයට මැදිහත්වීමට රජය සූදානම් බව ෆෙඩරල් භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් පවසනවා.

ඔහු අවධාරණය කලේ ගාස්තු සහනයක් ලබාදීම කෙරෙහිද මධ්‍යම රජය අවධානය යොමු කර ඇති බවයි.

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »