Search

වික්ටෝරියා ප්‍රාන්තයේ වාහනයක් ඇති සියල්ලන්ට විශේෂ දැනුම්දීමක්

ඔප්ටස් සයිබර් ප්‍රහාරය හමුවේ බලපෑම් එල්ල වූ වික්ටෝරියානුවන් ලක්ෂ 10 කට අලුතින් රියදුරු බලපත් කාඩ්පතක් නිකුත් කිරීමට VicRoads තීරණය කර තිබෙනවා.

ඒ අනුව අදාළ කාඩ්පත්වල පිටුපස නව ආරක්ෂණ අංකයක් මුද්‍රණය කිරීමට නියමිත බවයි සඳහන් කලේ.

එය ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්වල පිටුපස ඇති CVV අංකය හා සමාන එකක් වනු ඇති.

මෙම නව බලපත්‍රය මෙන්ම දැනට වික්ටෝරියා රියදුරන් භාවිත කරන රියදුරු බලපත්‍රයද යොදාගනිමින් බැංකු ගිණුම් විවෘත කිරීමට – ණය ඉල්ලුම් කිරීමට සහ වෙනත් එවැනි ඕනෑම කාර්යයක් සිදුකල හැකියි.

ඔප්ටස් වංචාව හමුවේ වික්ටෝරියා ප්‍රාන්තයේ රියදුරු බලපත්‍ර 942,000 ක පමණ පුද්ගලික දත්ත සොරාගැනීමට ලක්ව ඇතැයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර තිබෙනවා.

342,000 කට පමණ මෙම වසර අවසන්වීමට පෙර නව රියදුරු බලපත් කාඩ්පත නිකුත් කෙරෙන අතර ඉතිරි 600,000 ට ලබන වසරේ මුල් කාර්තුව වනවිට එය ලබාදීමට පියවර ගෙන ඇතැයි VicRoads කියාසිටියා.

මේ අතර ලබන වසරේ නොවැම්බර් මාසයේ සිට වික්ටෝරියා ප්‍රාන්තයේ ලක්ෂ 50 කට ආසන්න සියලුම රියදුරන් සඳහා නව කාඩ්පත නිකුත් කිරීම ආරම්භ කරන බවද VicRoads සඳහන් කරනවා.

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »