බ්‍රිතාන්‍ය කිරීටයෙන් ඉවත්වීම ගැන මූලික පියවරක් ලබන වසරේදී

බ්‍රිතාන්‍ය කිරීටයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් මූලික පියවරක් ලබන වසරේදී ගැනීමට ෆෙඩරල් රජය තීරණය කර ඇති බවට වාර්තා පළවනවා.

ඒ අනුව පළමුවෙන් මේ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමක් සිදුකිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

මේ සඳහා මාස කිහිපයක් හෝ ඇතැම්විට වසර කිහිපයක් වුවද ගතවිය හැකි බවට වාර්තා වනවා.

මෙම අදහස් විමසීමේදී රැස්කර ගන්නා තොරතුරුද උපයෝගී කර ගනිමින් බොහෝ විට මීළග ෆෙඩරල් මැතිවරණයෙන් පසුව ජනමත විචාරණයක් පැවැත්වීමට ලේබර් පක්ෂ රජය අදහස් කර සිටින බව සඳහන්.

බ්‍රිතාන්‍ය කිරීටයෙන් ඔස්ටේ්‍රලියාව ඉවත්විය යුතු දැයි මහජන මතය විමසීම සඳහා 1999 වසරේදී ජනමත විචාරණයක් පැවති අතර එම යෝජනාව එහිදී වැඩි ඡන්දයෙන් පරාජයට පත්වුණා.

කෙසේවෙතත් අනතුරුව අවස්ථා කිහිපයකදී නැවතත් එම මාතෘකාව කරළියට පැමිණි අතර 02 වන එළිසබෙත් රැජිණගේ අභාවයත් සමග එය නැවතත් කථාබහට ලක්වුණා.

එහෙත් අගමැති ඇන්තනී ඇල්බනීස් අවධාරණය කලේ මීලග ෆෙඩරල් මැතිවරණය තෙක් එවැනි කිසිදු යෝජනාවක් සාකච්ඡාවට නොගන්නා බවයි.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »