Search

මෙවර Melbourne Cup දිනය ඉතිහාසගතවන ළකුණු

ශීත සෘතුව අවසන් වුවද ඉදිරි දින කිහිපය තුළ වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් ඇතුලු ගිණිකොන දිග ප්‍රාන්ත කිහිපයකට දැඩි ශීතල කාළගුණයක් පවතිනු ඇති බවට අනාවැකි පළවනවා.

ඇතැම් කඳුකර ප්‍රදේශවලට හිම පතනයක් පවා වාර්තා විය හැකියි.

ඇන්ටාක්ටික් මහද්වීපයේ සිට හමා එන සිසිල් සුළං ධාරා මීට හේතුවයි.

ඒ අනුව නිවු සවුත් වේල්ස් හි Central Tablelands සහ වික්ටෝරියා ප්‍රාන්තයේ Great Dividing Range හි හිමපතනයන් අපේක්ෂා කෙරෙනවා.

Melbourne Cup තුරග තරගාවලිය අනිද්දා පැවැත්වෙන අතර ඉතිහාසයේ සිසිල්ම Melbourne Cup දිනය ලෙස මෙවර වාර්තා අතරට එක්වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ඒ අනුව එදින මෙල්බන් උපරිම උෂ්ණත්වය පවතිනු ඇත්තේ සෙල්සියස් අංශක 14 ක් ලෙසයි.

Auslankatv Today’s Top Stories.2024.10.07

ඇඩිලේඩ්වල $ ලක්ෂ 6කට වැඩි වැටුපක රැකියාවකට සුදුස්සෙකු සොයයි සිඩ්නිහිදී මිතුරාගේ වාහනයේ ගැටී ජාත්‍යන්තර සිසුවෙක් ජීවිතක්ෂයට පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

Read More »

ඇඩිලේඩ්වලින් බාලි දක්වා ගිය ගුවන් යානයක් හදිසි ගොඩබැස්විමක

ඇඩිලේඩ් සිට බාලිහි ඩෙන්පසාර් දක්වා පියාසර කරමින් තිබූ ජෙට්සාර් ගුවන් යානයක වැසිකිළි ගැටළුවක් හේතුවෙන් නැවත ගොඩබස්වා තිබෙනවා.

Read More »

වේගයෙන් යන්න ගිය මෙල්බන් තරුණයෙකුට කාර් එකත් නැති වෙයි

මෙල්බන් තදාසන්න ප්‍රදේශයක පැයට කිලෝමීටර 50ක වේග සීමා කලාපයකදී පැයට කිලෝමීටර 120කට වඩා වැඩි වේගයකින් ගමන් කිරීමේ චෝදනා එල්ල වූ තරුණයෙකුගේ රියදුරු බලපත්‍රය අත්හිටුවා තිබෙනවා.

Read More »

පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

මෙල්බන්හි රදගුරු මයිකොලා බයිචොක් (Mykola Bychok) ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පත් කරනු ලබන නව කාදිනල්වරුන් 21 දෙනාගෙන් කෙනෙකු ලෙස තෝරාගෙන තිබෙනවා.

Read More »