
දකුණු කොරියාවේ සෝල් අගනගරයේ පැවති හැලොවීන් සැමරුමක් අතරතුර දී ඇතිවූ තෙරපීම හේතුවෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව ඉහළගොස් තිබේ.
ඒ අනුව විදෙස් මාධ්‍ය මේ වනවිට වාර්තා කර ඇත්තේ පුද්ගලයින් 149 ක් මියගොස් ඇති බවය.
තවත් 76 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම උත්සවය සැමරීම සඳහා 100,000කට ආසන්න පිරිසක් සහභාගී ව ඇති අතර එහිදී ඇති වූ තෙරපීමක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇත.
පිරිසකට හුස්ම ගැනීමට අපහසු වී හෘදයාබාධ තත්ත්වයන්ට ලක්ව රෝහල් ගත කර ඇත.

දකුණු කොරියානු ජනාධිපති Yon Suk-yeol තම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ හදිසි රැස්වීමක් ද පවත්වා ඇති අතර ප්‍රදේශයට හදිසි වෛද්‍ය කණ්ඩායම් කැඳවීමට නියෝග කළ බවයි ඔහුගේ කාර්යාලය කියාසිටියේ.