වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය ඉලක්ක කර ප්‍රධාන පක්ෂ 02 ම සෞඛ්‍යය වෙනුවෙන් ලබාදී ඇති පොරොන්දු ප්‍රථිඵලදායක නොමැති බවට චෝදනා එල්ල වනවා.
අලුතින් රෝහල් ඉදි කිරීමට හෝ පවතින රෝහල් වැඩි දියුණු කිරීමට වඩා ප්‍රාථමික සෞඛ්‍ය ප්‍රතිකාර ක්‍රම වැඩිදියුණු කිරීමට අවධානය යොමු කල යුතු බවයි සෞඛ්‍ය අංශ සහ ක්ෂේත්රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ.
ගොඩනැගිලි ඉදි කිරීමෙන් සෞඛ්‍ය සේවකයන් මුහුණ දී සිටින පීඩනය අඩු නොවන බවත් රෝගීන්ට හිමිවන සත්කාරවල ගුණාත්මකභාවයේ වැඩි දියුණුවක් එමගින් බලාපොරොත්තු විය නොහැකි බවත් ඔවුන්ගේ ස්ථාවරයයි.
මේ අතර මැතිවරණයෙන් පත් වන කුමන රජයක වුවද අරමුණ විය යුත්තේ මෙල්බන් නාගරික කලාපයෙන් බැහැර ප්‍රදේශවලට සමාන සෞඛ්‍ය සේවා ව්‍යාප්ත කිරීම බවද ඔවුන් පවසනවා.
ලබන 26 වනදා පැවැත්වෙන වික්ටෝරියා මැතිවරණයේ මෙවර ප්‍රධානම මාතෘකාව බවට පත්වී ඇත්තේ සෞඛ්‍යය පහසුකම් නංවාලීමයි.