වික්ටෝරියාවේ නව කොවිඩ් ප්‍රභේදයක් සීඝ්‍රයෙන් පැතිර යයි

නව කොවිඩ් ප්‍රභේදයක් වික්ටෝරියා ප්‍රාන්තය තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතින බවට අනාවරණ වී තිබෙනවා.

ප්‍රාන්තයේ ස්ථාන රැසකින් ලබාගත් අපජලයේ සිදුකල පරීක්ෂාවලින් එය තහවුරු කරගෙන ඇත බවයි වික්ටෝරියා ප්‍රධාන සෞඛ්‍ය නිළධාරී මහාචාර්ය බ්‍රෙට් සට්න් සඳහන් කලේ.

ගතවූ සතිය තුළ වික්ටෝරියාවෙන් කොවිඩ් ආසාධිතයන් 8537 දෙනෙකු හමුවී තිබූ අතර එය ඉකුත් සතියට වඩා ආසාධිතයන් සියයට 25 ක පමණ වැඩිවීමක් වනවා.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්ත විපක්ෂය චෝදනා කරන්නේ පාලක ඩැනියල් ඇන්ඩෲස් රජය කොවිඩ් අවධානම නොසළකා කටයුතු කරමින් සිටින බවටයි.

සෞඛ්‍ය සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන පවා කප්පාදු කිරීමකට ලක් කර ඇති බවටයි ඔවුන් අවධාරණය කරන්නේ.

සති අන්තයට සූදානම් වන මෙල්බන් ජනතාවට කාලගුණයෙන් දැනුම්දීමක්

මෙල්බන් ඇතුලු ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර රැසකට පවතින දැඩි ශීත සහිත කාලගුණික තත්වය මෙම සති අන්තයේදී තවදුරටත් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා කාර්යාංශය පුරෝකථනය කරනවා.

Read More »

මතභේධයට ලක්වූ සිඩ්නි ගොඩනැගිල්ලට වෙන්න යන දේ

මතභේදාත්මක ලෙස අලෙවි කරනු ලැබූ සිඩ්නි හි ජනප්‍රිය සිරියස් (Sirius) නිවාස සංකීර්ණය නව පදිංචිකරුවන් සඳහා නැවත විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

මෙල්බන් වෙළඳසැල්වලට ගිනි තැබු මෝටර් රථය

මෙල්බන් නොබෙල් පාර්ක් නෝර්ත් (Noble Park North) ප්‍රදේශයේදී වෙළඳසැල් පිහිටි ගොඩනැගිල්ලකට මෝටර් රථයක් කඩා වැදීම හේතුවෙන් වෙළඳසල් රැසක් ගිනිගෙන තිබෙනවා.

Read More »