කාසියේ වාසිය නවසීලන්තයට – මුලින් පන්දුවට පහරදෙයි

sri lanka new zealand

පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – නවසීලන්ත සුපිරි 12 වටයේ තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය මුලින් පන්දුවට පහරදීමට තීරණය කලා.

තරගය පැවැත්වෙන්නේ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

අවසන් පූර්ව වටය පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට නම් ශ්‍රී ලංකාව අද තරගය අනිවාර්යයෙන් ජය ගත යුතු වනවා.

ශ්‍රී ලංකාව මේ වනවිට ප්‍රසාද ළකුණු සටහනේ 05 වන ස්ථානය දක්වා පහත බැස තිබීම ඊට හේතුවයි.

නවසීලන්තය ප්‍රසාද ළකුණු සටහනේ පසුවන්නේ අංක 01 ස්ථානයේයි.

මේ අතර ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර අද මෙල්බර්න් නුවරදී ශල්‍යකර්මයකට භාජනය කිරීමට නියමිතයි.

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවුණා.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »