Search

සිඩ්නි නගරයටත් 3D පදික මාරු

3D පදික මාරු සිඩ්නි නගරය තුළ අත්හදා බැලීම ආරම්භ කර තිබෙනවා.

එමගින් රථවාහනවල වේගය අඩු කරගත හැකි වනු ඇති බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය පවසන්නේ.

යුරෝපය සහ අමෙරිකාව තුළ 3D පදිකමාරු මේ වනවිට අත්හදා බලා අවසන් නමුත් නිවු සවුත් වේල්ස් තුළ එය අත්හදා බලන පළමු ප්‍රදේශය බවට සිඩ්නි Manly පත්වනු ඇති.

ක්වීන්ස්ලන්ඩ් හි Boulia 3D පදිකමාරු අත්හදා බලන ලද ඔස්ටේ්‍රලියාවේ පළමු නගරයයි.

කෙයාර්න්ස් සහ මෙල්බන් යන නගරවල ස්ථාන කිහිපයකත් එය අත්හදා බලමින් පවතිනවා.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »