Search

ඔස්ටේ්‍රලියා කිරි මිළ ඉහළ යනු ඇති බවට අනාවැකි

ලබන වසර වනවිට ඔස්ටේ්‍රලියාව තුළ දියර කිරි ලීටරයක මිළ සියයට 28 කින් පමණ ඉහළ යනු ඇති බවට අනාවැකි පළවී තිබෙනවා.

ඒ අනුව දැනට ඩොලර් 1.60 ක සාමාන්‍ය අගයක පවතින කිරි ලීටරයක් තවත් මාස කිහිපයක් තුළදී සත 73 ක අගයකින් පමණ වැඩි වනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා සහ ටස්මේනියා ප්‍රාන්තවලට බලපෑ ජල ගැලීම් තත්වය මෙන්ම ගෝලීය සැපයුම් ජාලයේ පවතින ගැටලු මේ සඳහා සෘජුවම බලපා තිබෙනවා.

2014 වසරේ සිටම ඔස්ටේ‍රලියාව තුළ දියර කිරි නිෂ්පාදනය සීඝ්‍රයෙන් පහළ ගොස් ඇති අතර මෙම වසරේ මේ දක්වා කාලයේදී දියර කිරි නිෂ්පාදනය පසුගිය වසරට වඩා සියයට 07 කින් පමණ පහළ ගොස් ඇති බව සඳහන්.

එමෙන්ම 2011 වසරේදී 7500 කට ආසන්නව ඔස්ටේ්‍රලියාව තුළ සිටි කිරි ගොවීන් සංඛ්‍යාව මේ වනවිට 5700 ක් පමණ දක්වා අඩුවී ඇති බවද අනාවරණ වී තිබෙනවා.

ඔස්ටේ‍රලියාව තුළ නිපදවන කිරි නිෂ්පාදනයෙන් සියයට 32 ක් පමණ කිරි – චීස් – බටර් සහ වෙනත් කිරි නිෂ්පාදන ලෙස අපනයනය කිරීමද සිදුවනවා.

Auslankatv Today’s Top Stories.2024.10.08

ඔස්ට්‍රේලියානුවන් සතුටින්ම කරන රැකියා ගැන අනාවරණයක් මාරාන්තික කුරුලු උණ ගැන වික්ටෝරියා ගොවීන්ගෙන් හදිසි අනතුරු ඇඟවීමක් $2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව ප්‍රාන්ත දෙකකට දරුණු

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් පොලී අනුපාත අඩු කරයි

පවතින ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ මෙරට දැවැන්ත බැංකු හතරෙන් එකක් වන නැෂනල් ඔස්ට්‍රේලියා බැංකුව (NAB) විසින් ස්ථාවර පොලී අනුපාත (fixed interest rates) අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

$2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව

වැඩිහිටි වියට පැමිණීමත් සමග මුහුණේ සම මත හට ගන්නා රැළි සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ නව ක්‍රමවේදයක් ඔස්ට්‍රේලියාවේ දී හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »