IS සටන්කාමීන්ගේ ඥාතීන් පිරිසක් ඔස්ටේ්‍රලියාවට

සිරියාවේ රැඳවුම් කඳවුරුවල රඳවා සිටින ඔස්ටේ්‍රලියානු කාන්තාවන් සහ දරුවන් අතුරින් පළමු කණ්ඩායම රටට පැමිණ තිබෙනවා.

කාන්තාවන් 04 දෙනෙකු සහ ළමුන් 13 දෙනෙකු අද පෙරවරුවේ සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළගාවු බව සඳහන්.

මෙම පිරිස අයි එස් සටන්කාමීන් ගේ ඥාතීන් වන අතර අයි එස් සංවිධානයේ බිඳ වැටීමත් සමග සිරියාවෙන් පිටත්වයාමට නොහැකිව එරට රැඳවුම් කඳවුරුවල රඳවනු ලැබ සිටියා.

තවදුරටත් එරට රැඳවුම් කඳවුරුවල සිටින කාන්තාවන් සහ ළමුන් 40 කට ආසන්න පිරිසක් ඉදිරි මාස කිහපයේදී ඔස්ටේ්‍රලියාවට ගෙන්වා ගැනීමට නියමිත බවයි ස්වදේශ කටයුතු ඇමතිනී ක්ලෙයාර් ඔනිල් සඳහන් කලේ.

මෙම පිරිස ගෙන්වා ගැනීම හරහා ඔස්ටේ්‍රලියාවේ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බවද ඇය අවධාරණය කරනවා.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »