බර ඉසිලීමෙන් ලොවම දිනු මෙල්බන් ඉන්න ලාංකිකයා

ඔස්ටේ්‍රලියාවේ සිට ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයට ගෙනයාමට වෙර දරන තවත් ජනප්‍රිය චරිතයක් අද Ausලංකා TV සමග කථාබහට එක්වනවා.

ඔහු බර ඉසිලීමේ ලෝක ශූරතා – ආසියානු ශූරතා – කලාපීය තරගාවලි ඇතුලු ශූරතා 17 කට වැඩි සංඛ්‍යාවත් නියෝජනය කර ඇති, වසර 20 කට වැඩි කාලයක් පුහුණුකරුවෙකු සහ විනිසුරුවරයෙකුද ලෙස අත්දැකීම් ඇති පූර්ණ කාහිංගල යි.

අවස්ථා 05 කදී ශ්‍රී ලංකාවේ බර ඉසිලීමේ ජාතික ශූරයා ලෙසද ඔහු වාර්තා අතරට එක් වනවා.

2011 වසරේ සිට ජාත්‍යන්තර විනිසුරුවරයෙකුද ලෙස කටයුතු කරන පූර්ණ ඔස්ටේ්‍රලියාවට පැමිණෙන්නේ 2019 වසරේදීයි.

ඔහු දැනට මෙල්බන් නෝබල් පාක් හි In2Performance ශරීර සුවතා මධ්‍යස්ථානයේ පුහුණුකරුවෙකු ලෙසද කටයුතු කරමින් සිටිනවා.

එය සැළකෙන්නේ මෙල්බන් නගරයේ ඇති විශාලම ශරීර සුවතා මධ්‍යස්ථාන අතුරින් එකක් ලෙසයි.

මේ දිනවල ඔහු යටතේ තරගකරුවන් විශාල පිරිසක් All Australia බර ඉසිලීමේ තරගාවලිය සඳහා පුහුණුවිම්වල නිරත වනවා.

වයස අවුරුදු 40 ට වැඩි කාණ්ඩයේ යටතේ පූර්ණ කාහිංගලද ඊට ඉදිරිපත්වීමට නියමිතයි.

මේ දක්වා පූර්ණ දිනා ඇති ශූරතා සහ පදක්කම් අතුරින් කිහිපයක් පහත දැක්වේ.

Victorian Masters 2022 – රන් පදක්කම

Australian Masters 2022 – රිදී පදක්කම

Oceania Masters 2022 – රිදී පදක්කම

ලොව පුරා බර ඉසිලීමේ ශූරයන් රැසක් සහභාගී වන World Masters තරගාවලිය ලබන මාර්තු මාසයේ නවසීලන්තයේ පැවැත්වෙන අතර ඒ සඳහාද මේ දිනවල තමා පුහුණුවීම්වල නිරත වන බව පූර්ණ අප සමග පවසා සිටියා.

මෙල්බන් නගරයේ වාසය කරන ලාංකික ඔබටත් පූර්ණ යටතේ විධිමත් පුහුණුවක් මගින් ශරීරයේ බර අඩු කර ගැනීමට සහ හැඩය පවත්වාගැනීමට අවස්ථාව පවතිනවා.

ඒ සඳහා 041 68 64 549 අංකයෙන් පූර්ණ කාහිංගල ඇමතිය හැකියි.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »