Search

ගෑස් සැපයුම අඩාල නොවී පවත්වාගෙන යෑමට පියවර

ලබන වසරේ ශීත සෘතුව වනවිට ගෑස් සැපයුම අඩාල නොවී පවත්වාගෙන යෑමට අවශ්‍ය පියවර ගැනීමට ෆෙඩරල් බලශක්ති අමාත්‍ය ක්‍රිස් බෝවන් සහ ප්‍රාන්ත රජයන් හි බලශක්ති අමාත්‍යවරුන් අතර එකගතාවයක් ඇතිවී තිබෙනවා.

ඒ අනුව AEMO හෙවත් ඔස්ටේ්‍රලියානු බලශක්ති නියාමන ආයතනයට අමතර බලතල ලබාදීම සඳහා පවතින නීති කිහිපයක් වෙනස් කිරීමටද නියමිතයි.

ඉදිරි වසර 02 තුළදී ගෑස් මිළ ගණන් සියයට 40 කින් පමණ ඉහළ යනු ඇති බවට මෙවර අයවැය ඉදිරිපත් කරමින් ෆෙඩරල් භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් කල අනතුරු ඇගවීමත් සමගයි මෙම සාකච්ඡාව පවත්වා තිබුණේ.

මේ අතර විදුලි සහ ගෑස් මිළ අවම කිරීමට හැකිදැයි සොයා බලන බව ෆෙඩරල් භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් ප්‍රකාශ කලා.

රුසියානු – යුක්රේන අර්බුදය හමුවේ ලොව පුරා බලශක්ති මිළ ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවත් ඉන් ගැලවීමට ඔස්ටේ‍රලියාවටද හැකියාවක් නොමැති බවත් ඔහු සඳහන් කලා.

කෙසේවෙතත් පාරිභෝගික ජනතාවට දිය හැකි සහනයක් ඇත්නම් එය ලබාදීමට ෆෙඩරල් රජය පසුබට නොවන බවයි භාණ්ඩාගාරික අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ.

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

Geelong හි මෝටර් රථ සොරකමක් මැඩලීමට ගිය පොලීසියට අනතුරක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Geelong හීදි සිදුවූ මෝටර් රථ සොරකමක් වැළැක්වීමට යාමේදී එක් නිළධාරියෙකු මෝටර් රථයක ගැටී තවත් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමක් සිදුවී තිබෙනවා.

Read More »