මහා බ්‍රිතාන්‍යයේ 03 වන චාර්ල්ස් රජුගේ රුව සහිත කාසි නිපදවිම ආරම්භ කර තිබෙනවා.
ඔහුගේ රුව සහිත පළමු කාසිය වන්නේ 02 වන එළිසබෙත් රැජිණ වෙනුවෙන් නිකුත් කෙරෙන අනුස්මරණ කාසියක් වන අතර එහි වටිනාකම පැන්ස 50 ක්.
ලබන දෙසැම්බර් මාසයේ සිට එම කාසි ජනතාව අතර පරිහරණයට නිකුත් කිරීමටයි බ්‍රිතාන්‍ය බළධාරීන් සැළසුම් කර ඇත්තේ.
බ්‍රිතාන්‍ය කාසි සම්ප්රදාය අනුව එළිසබෙත් රැජිණ නිරූපණය වන කාසිවල ඇය බලා සිටින දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට මුහුණලා චාර්ල්ස් රජුගේ රුව නිරූපණය වන ආකාරයෙන් මෙම කාසි නිර්මාණය කර තිබෙනවා.
දැනට මහා බ්‍රිතාන්‍ය තුළ පමණක් 02 වන එළිසබෙත් රැජිණගේ රුව ඇතුළත් කාසි බිලියන 27 ක් පමණ සංසරණයෙහි පවතිනවා.