තොරතුරු තාක්‍ෂණ දෝෂයක් හේතුවෙන් ඕස්ට්‍රේලියාව පුරා Coles සුපිරි වෙළඳසැල් වැසී යයි.

තොරතුරු තාක්‍ෂණ දෝෂයක් හේතුවෙන් ඕස්ට්‍රේලියාව පුරා Coles සුපිරි වෙළඳසැල් වැසී යයි.

Coles suffers nationwide store closures due to IT glitch

Coles සුපිරි වෙළඳසැල රට පුරා තොරතුරු තාක්ෂණ දෝෂයකට මුහුණ දී ඇති අතර එහි කළමණාකරණ අංශය වහාම ක්‍රියාත්මක වන පරිදි ඕස්ට්‍රේලියාව පුරා ඇති බොහෝ වෙළෙඳ සැල් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත​.

රට පුරා විසිරී සිටින ගනුදෙනුකරුවන් විසින් වසා දැමූ දොරවල් සහ ක්‍රියා විරහිත පිරික්සුම් ලේඛණ පිළිබඳ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත පළ කර ඇත.

Coles සාමාජිකයෙකු පැවසුවේ ඇනහිටීමට හේතුව කුමක්ද සහ එය අලුත්වැඩියා කිරීමට කොපමණ කාලයක් ගතවේද යන්න තවමත් අනාවරණය වී නොමැති බවයි.

“අපගේ වෙළඳසැල්වල ගෙවීම් සැකසීමේ තාක්ෂණික ගැටළුවක් හේතුවෙන් Coles සුපිරි වෙළඳසැල් තාවකාලිකව වසා දමනු ලැබේ. අපගේ කණ්ඩායම ගැටළුව විසඳීම සඳහා වෙහෙස මහන්සි වී සිටින අතර හැකි ඉක්මනින් වෙළඳසැල් නැවත විවෘත වේ. අපහසුතාවයට අපගේ ගනුදෙනුකරුවන්ගෙන් අපි සමාව අයදිමු.” ඔහු තවදුරටත් පැවසීය​.

Coles Express සහ Coles මත්පැන් වෙළඳසැල් වෙළඳාම සඳහා විවෘතව පවතින බව එම ප්‍රකාශකයා පැවසීය.

ඔස්ට්‍රේලියාවේ ගුවන්තොටුපලවල දැඩි කාර්ය බහුල තත්ත්වයක්

ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනක් මෙම දීර්ඝ පාස්කු සති අන්ත නිවාඩුවත් සමග ගුවන් ගමන් සඳහා එක්වීමට අපේක්ෂා කරන බව හෙළිව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සැත්කමකට සූදානමින් ඉන්න අයට පණිවුඩයක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කාර්ය සාධක බලකායක ක්‍රියාමාර්ගවලින් පසු ශල්‍යකර්ම සඳහා වූ පොරොත්තු කාලය අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් ව්‍යාපාරිකයාගේ ලැම්බෝගිනි ඇතුලු මෝටර් රථ 17ක් පොලිසියට

මෙල්බන් නගරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට අයත් ඩොලර් මිලියන 4ක වටිනාකමින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read More »

පාස්කු නිවාඩුවට එළියට යන අයට Google Maps ගැන දැනුම්දීමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මෙන්ම ඉන් පිටත සංචාරය කරන විට Google මැප් මත පමණක් විශ්වාසය තබා කටයුතු නොකරන ලෙසට බලධාරීන් සංචාරකයින්ට දැනුම් දෙනවා.

Read More »

දිනකට ආහාර වේල් බිලියනයක් කුණු බක්කියට

ලොව පුරා පුද්ගලයින් මිලියන 800ක් කුසගින්නේ පසුවද්දී දිනකට ආහාර වේල් බිලියනයකට වැඩි ප්‍රමාණයක් මිනිසුන් අපතේ හරින බව නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »