Search

ශ්‍රී ලංකාවටත් බලපාන ඔස්ට්‍රේලියා – එංගලන්ත තරඟය අද

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ අතිශය තීරණාත්මක තරඟයක් අද පැවැත්වෙනවා.

ඒ, සත්කාරක ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතරයි.

මේ තරඟයේ ජය පරාජය මත මෙම කණ්ඩායම් දෙකේම ලෝක කුසලාන ඉදිරි ගමන බොහෝදුරට තීරණය වනු ඇති.

සුපිරි 12 දෙනාගේ වටයේ කිසියම් කණ්ඩායමක් තරඟ දෙකක් පරාජය වුවහොත් ඔවුන්ට ඉදිරි වටයට සුදුසුකම් ලැබීමට ඇති අවස්ථාව අවධානමකට පත්වනවා.

මෙම කණ්ඩායම් දෙකම තමන් සහභාගිවූ තරඟ දෙකෙන් එක් තරඟය බැඟින් ජයගෙන සිටිය ද එංගලන්තය ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානයේත්, ඔස්ටේ්‍රලියාව ප්‍රසාද ලකුණු සටහනේ පස්වන ස්ථානයේත් පසුවනවා.

මෙම තරඟයෙන් ජය ගැනීම මෙන්ම ඉහළ දළ ලකුණු වේගයක් ද රඳවා ගැනීම මෙම කණ්ඩායම් දෙකටම අතිශය වැදගත්.

එංගලන්තයට මෙම තරඟයෙන් පසුව මුණගැසෙන්නේ නවසීලන්තය සහ ශ්‍රී ලංකාව පමණයි.

කෙසේවෙතත් ඕස්ට්‍රේලියාවට මෙම තරඟයෙන් පසුව අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය මුණගැසෙනවා.

එමෙන්ම මෙම තරඟයේ ජය පරාජය ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන ඉදිරි ගමනට ද අතිශය වැදගත්.

ඒ, ශ්‍රී ලංකාව ද මෙම කණ්ඩායම් දෙක තරඟවදින කාණ්ඩයට ඇතුලත්වීම සහ ඉදිරියේදී එංගලන්තය ද මුණගැසීම හේතුවෙන්.

ඕස්ට්‍රේලියා – එංගලන්ත තීරණාත්මක තරඟයට වර්ෂාව ඇදහැලීමේ ඉහළ සම්භාවිතාවක් ද පවතිනවා.

එසේ වුවහොත් මෙම කණ්ඩායම් දෙකටම හිමිවන්නේ එක් ප්‍රසාද ලකුණක් පමණයි.

මීට අමතරව අයර්ලන්ත – ඇෆ්ගනිස්තාන තරඟය ද අද පැවැත්වෙනවා.

යම් හෙයකින් මෙම තරඟයෙන් අයර්ලන්තය ජයගතහොත් ඔවුන් ප්‍රබල කණ්ඩායම් අභිබවා ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණෙනවා.

ඇෆ්ගනිස්තානය මෙම තරඟයෙන් පරාජයවුවහොත් බොහෝදුරට ඔවුන්ගේ ලෝක කුසලාන ඉදිරි ගමන එයින් අවසන් වනු ඇති.

පළමු කාණ්ඩයේම ශ්‍රී ලංකාවට අතිශය තීරණාත්මක තරඟය පැවැත්වන්නේ හෙටයි. ඒ, නවසීලන්තය සමඟයි.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »