Search

ඉදි කිරීම් සේවකයන්ට ඔස්ටේ්‍රලියාවේ රැකියා රැසක්

ඔස්ටේ්‍රලියාවේ ඉදි කිරීම් කර්මාන්තයට සම්බන්ධ සේවකයන්ගේ වැටුප පසුගිය වසර තුළදී සියයට 10.2 කින් ඉහළගොස් ඇතැයි අනාවරණ වනවා.

නිවාස කර්මාන්ත සම්මේලනය නිකුත් කල වාර්තාවක දැක්වෙන්නේ පසුගිය ජූනි මාසය වනවිය ඔස්ටේ්‍රලියාව පුරා නිවාස 104,000 ක් පමණ ඉදි කෙරෙමින් පැවති බවයි.

එය කොවිඩ් වසංගතයට පෙර පැවති තත්වය හා සැසඳීමේදී සියයට 81.2 ක ඉහළ යාමක්.

කෙසේවෙතත් ඔස්ටේ්‍රලියාවේ සේවක හිගය වැඩිම ක්ෂේත්‍ර අතුරින් එකක් ලෙසටද ඉදිකිරීම් කර්මාන්තය හඳුනාගෙන තිබෙනවා.

නිවාස කර්මාන්ත සම්මේලනයට අනුව වැඩිම අවශ්‍යතාවයක් පවතින වෘත්තීන් බවට පත්වි ඇත්තේ ගඩොල් අල්ලන්නන් සහ වඩු කර්මාන්තයේ නිරතවන්නන් සඳහායි.

පුරප්පාඩු සඳහා විදේශයන්හි සිට ඉල්ලුම්පත් ලැබීම ඉහළ ගොස් ඇති බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.