Search

වික්ටෝරියා මැතිවරණයේ ඡන්ද ප්‍රකාශය ගැන වැදගත් දැනුම්දීම් රැසක්

ලබන මස 26 වනදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී ඡන්දය භාවිත කිරීමට තීරණය කර ඇති පුද්ගලයන් ලබන 08 වනදා වනවිට සිය තොරතුරු යාවත්කාලීන කල යුතු බව වික්ටෝරියා මැතිවරණ කොමිසම දැනුම් දෙනවා.

https://www.aec.gov.au/enrol/

අනතුරුව ඔවුන් ඡන්දය ප්‍රකාශ කරන ආකාරය පිළිබඳ තීන්දුවක් ගත යුතුව ඇති බවයි කොමිසම දන්වා සිටින්නේ.

ඡන්දය ප්‍රකාශ කල හැකි ක්‍රම 03 ක් පවතින අතර තැපෑලෙන් ඡන්දය භාවිත කිරීමට හෝ මැතිවරණ දිනයේදී පෙරවරු 08 ත් පස්වරු 06 ත් අතර ඡන්ද මධ්‍යස්ථානයකට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමට ඒ අනුව අවස්ථාව පවතිනවා.

එසේ නොමැතිනම් නොවැම්බර් 14 වනදා සිට 25 වනදා දක්වා ඕනෑම දිනයකදී පූර්ව ඡන්ද මධ්‍යස්ථානයක් වෙත ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමටද හැකියි.

කිසියම් ආකාරයකින් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අපේක්ෂා කරන්නේ නම් ඊට අදාළ අයදුම්පත් ලබන 02 වනදා සිට 23 වනදා අතර කාලයේදී ඉදිරිපත් කල යුතු වනවා.

ජල ගැලීම්වලට ලක්වු ප්‍රදේශයක ඡන්ද දායකයෙකුට දුරකථනය ඔස්සේ ඡන්දය ප්‍රකාශ කල හැකි අතර නොවැම්බර් 26 වනදා වනවිට වෙනත් ප්‍රාන්තයක සිටින හෝ වෙනත් රටක සිටීමට සිදුවන වික්ටෝරියා ප්‍රාන්තවාසියෙකුට කලින් ඡන්දය දීමට හෝ වෙනත් ප්‍රාන්තයක සිට ඡන්දය දීමට අවස්ථාව සළසා දෙන බව වික්ටෝරියා මැතිවරණ කොමිසම දැනුම් දෙනවා.

ෆෙඩරල් මැතිවරණයකදී මෙන්ම වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදීත් ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය වන අතර කිසියම් අයෙකු ඒ සඳහා කටයුතු නොකලහොත් දින 28 ක් ඇතුළත ඩොලර් 92 ක දඩයක් ගෙවිය යුතු වනවා.

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »