ඔස්ටේ්‍රලියා කම්කරු නීතිවල කැපී පෙනෙන සංශෝධන රැසක්

ඔස්ටේ්‍රලියාව තුළ කම්කරු නීතිවල කැපී පෙනෙන සංශෝධන රැසක් ඇතුළත් කර නව පණත් කෙටුම්පතක් ලේබර් පක්ෂ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

ආයතන හිමිකරුවන් සමග රැකියා පැය ගණන සම්බන්ධයෙන් සාකච්ඡා කර තීන්දු තීරණ ගැනීමට එමගින් සේවකයන්ට වැඩි බලතල හිමිවීම විශේෂත්වයක්.

පාසල් යන වයසේ දරුවන් සහිත දෙමව්පියන්ට මෙන්ම වැඩිහිටියන් රැක බලාගැනීමට සිටින සේවකයන්ට එම අවස්ථාව උදාවනු ඇති.

සාධාරණ හේතුවකින් තොරව කිසියම් අයුරකින් සේවා යෝජකයා විසින් සේවක ඉල්ලීම් ප්‍රතික්ෂේප කලහොත් fair work commission හමුවට ගැටලුව ගෙනයාමටද සේවකයන්ට නව පණත් කෙටුම්පත හරහා බලතල පවතිනවා.

මේ සඳහා සේවක සංගම් එකගතාවය පළකර ඇති නමුත් ආයතන හිමිකරුවන් රැසක් විසින් විරෝධය පළකර ඇත්තේ සේවා කටයුතු පවත්වාගෙන යාමට අසීරුවන බව දක්වමිනුයි.

නව කෙටුම්පතේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ ස්ත්‍රී – පුරුෂ සේවකයන් අතර වැටුප් විෂමතා ඉවත් කිරීමයි.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »