Search

වික්ටෝරියාවේ වැඩ කරන දින ගණන 04 ක් කරන්නැයි ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් රාජ්‍ය සේවකයන් සඳහා වැඩ කරන සතිය දින 04 ක් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

එමගින් සේවකයන් අතර ඵලදායිතාවය ඉහළ යනු ඇති බවයි වෘත්තීය සමිති කිහිපයක් පෙන්වා දී ඇත්තේ.

පළමුවෙන් මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කලයුතුව ඇති බවද ඔවුන් අවධාරණය කර තිබෙනවා.

කෙසේවෙතත් වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් මෙන්ම ලිබරල් පක්ෂයද මෙම යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කරනවා.

එමගින් වික්ටෝරියාවේ මහජන සේවා පවත්වාගෙන යාම අඩාල වන බවයි ඔවුන්ගේ ස්ථාවරය වන්නේ.

ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් ඇතුලු තානාපතිවරු රැසක් යළි ශ්‍රී ලංකාවට කැඳවයි

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල් කිහිපයක මහ කොමසාරිස්වරු සහ තානාපතිවරු රැසක් ‍යළි ශ්‍රී ලංකාවට කැඳවයි ශ්‍රී ලංකා විදේශ සේවයේ නොවන මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් 15 දෙනෙකු යළි දිවයිනට කැඳවීමට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

Read More »

ප්‍රමුඛ පෙලේ ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල කිහිපයක පාඨාමාලා ගාස්තුවල වෙනසක්

2025 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙලේ විශ්ව විද්‍යාල කිහිපයකම ජාත්‍යන්තර සිසුන්ගේ පාඨමාලා ගාස්තු වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »